Friday, September 16, 2022

සරල රේඛීය චලිතය (10 ශ්‍රේණිය විද්‍යාව )

👈සරල රේඛීය චලිතය👉
10 ශ්‍රේණිය විද්‍යාව

තාක්ෂණය මිනිසාගේ කාර්යයන් පහසුකර ගැනීම සඳහා යොදා ගනු ලබන ක්‍රියාවලියක් බව කිව හැකි ය. එබැවින් ඔබ, මම ඇතු`ඵ සැවොම එදිනෙදා කාර්යයන් පහසුකර ගැනීමට මෙන් ම සුඛෝපභෝගීත්වය ඇතිකරලීම සඳහා යන්ත්‍ර සූත්‍ර භාවිතයට පෙළඹී ඇති බව සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ.

1. විශාලත්වයක් පමණක් ඇති රාශි හඳුන්වන්නේ කුමන නමකින්ද?

  • පිළිතුර බලන්න 🙏
    • අදිශ රාශි

2. විශාලත්වයක් හා දිශාවක් සහිත රාශි හඳුන්වන්නේ කුමන නමකින්ද?

  • පිළිතුර බලන්න🙏
    • දෛශික රාශි

3. ඉහත 1 හි හා 2 හි ඔබ නම් කල රාශි සඳහා උදාහරණ 02ක බැගින් වෙන වෙනම දක්වන්න.

  • පිළිතුර බලන්න🙏
    • අදිශ රාශි උදා: කාලය, දුර
    • දෛශික රාශි උදා: විස්ථාපනය , බලය

4.

ඉහත රූපයේ දැක්වෙන්නේ බාලදක්‍ෂ චාරිකාවකදී ශිෂ්‍යයෝ දෙදෙනෙක් P ස්ථානයේ සිට Q ස්ථානයට ගමන් කිරීමේදී භාවිතා කල මාර්ග 02කි. ඔවුන් මාලිමාද රැගෙන ගමන් කරයි. මාලිමාවල දැකිය හැකි වෙනස්කම කුමක්ද?

  • පිළිතුර බලන්න🙏
    • x මාර්ගයේදී මාලිමාවේ සුචිය විවිධ දිශාවලට යොමුවිය.
    • y මාර්ගයේදී මාලිමාවේ දිශාව වෙනස් නොවුනි.

5. දුර හා විස්ථාපනය අතර වෙනස පැහැදිලි කරන්න.

  • පිළිතුර බලන්න🙏
  • දුර විශාලත්වයක් පමණක් ඇති රාශියකි. විස්ථාපනයට විශාලත්වයක් හා දිශාවක් ඇත.

6. ශිෂ්‍යයෙකු නිවසේ සිට පාසල කරා ගමන් කිරීමේදී පසුකල ගමන් මාර්ගය පහත දැක්වේ.


i. මෙම චලිතයේදී ඔහු ගමන්කල මුඵ දුර සොයන්න.
ii. ඔහුගේ විස්ථාපනය කොපමණද?

  • පිළිතුර බලන්න🙏
  • (i) 50m + 100m + 50m = 200m

    (ii) උතුරින් 140m ක් ගිණිකොණට

7. මීටර් 400 වෘත්තාකාර ධාවන පථයක වට දෙකක් ධාවනයේ යෙදුන ක්‍රීඩකයෙක් ආරම්භක ස්ථානයට පැමිණි විට
i. ඔහු විසින් ගමන් කල මුඵ දුර සොයන්න.
ii. ඔහුගේ විස්ථාපනය කොපමණද?

  • පිළිතුර බලන්න🙏
  • i.800m

    ii.0

8. A සිට B දක්වා 100m ගමන් කල ශිෂ්‍යයෙක් නැවත B සිට C දක්වා ආපසු මීටර් 25ක් ගමන් කරයි.


(i) ඔහු ගමන්කල මුඵ දුර කොපමණද?
(ii) ඔහුගේ විස්ථාපනය කොපමණද?

  • පිළිතුර බලන්න🙏
  • (i) 100m + 25m = 125m

    (ii) 180m – 25m = 75m

9. වස්තුවක් දුර ගෙවා යන ශීඝ්‍රතාවය තනි වචනයෙන් හඳුන්වන්න.

  • පිළිතුර බලන්න🙏
    • වේගය

10. එක්තරා වස්තුවක් තත්පර පහක කාලයක් තුළ චලනය වූ ආකාරය පහත වගුවේ දැක්වේ.


(i) මෙම වස්තුව මුල් තත්පරය තුළ ගමන් කළ දුර කොපමණද?
(ii) මෙම වස්තුව දෙවන තත්පරය තුළ ගමන් කළ මු`ඵ දුර කොපමණද?
(iii) මෙම වස්තුව තුන්වන තත්පරය තුළ ගමන් කළ මු`ඵ දුර කොපමණද?
(iv) ඒ අනුව සෑම තත්පර 1කදීම වස්තුව ගමන් කර ඇති දුර කොපමණද?
(v) ඒ අනුව වස්තුවට ඇත්තේ කෙබඳු වේගයක්ද?

  • පිළිතුර බලන්න🙏
  • (i)5m

    (ii)5m

    (iii)5m

    (iv)5m

    (v) නියත වේගයක්

11. වස්තුවක මධ්‍යයක වේගය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

  • පිළිතුර බලන්න🙏
  • සාමාන්‍ය වේගය 

    සාමාන්‍ය වේගය  =  ගමන් කළ මුලු දුර 

                                       ගත වු මුලු කාලය 

12. එක්තරා වාහනයකට කිලෝමීටර් 100ක දුරක් ගමන්කිරීමට පැය 2ක කාලයක් ගත විය. වස්තුවේ වේගය ගණනය කරන්න.

  • පිළිතුර බලන්න🙏


13. වස්තුවක ප්‍රවේගය යනුවෙන් අදහස් කරන්නේ කුමක්ද?

  • පිළිතුර බලන්න🙏
  • විස්ථාපනය වෙනස් වීමේ සීග්‍රතාවයයි

14. ප්‍රවේගය දෛශික රාශියක් ලෙස හඳුන්වන්නේ ඇයි?

  • පිළිතුර බලන්න🙏
  • විස්ථාපනය දෛශික රාශියක් නිසා ප්‍රවේගයද දෛශිකයකි.

15. සරල රේඛීය මාර්ගයක් දිගේ ගමන් කළ ළමයෙකුගේ විස්ථාපනය එක් එක් තත්පරය තුළ විචලනය වූ ආකාරය පහත වගුවේ දැක්වේ.

(i) මුල් තත්පර 4 තුල ළමයාගේ චලිතය කුමන ආකාරයේ චලිතයක්ද?
(ii) මුල් තත්පර 4 තුල ළමයාගේ විස්ථාපනය වෙනස්වීමේ ශීඝ්‍රතාව කොපමණද?
(iii) “විස්ථාපනය වෙනස් වීමේ ශීඝ්‍රතාවය ” වෙනුවට තනි වචනයක් ලියන්න.
(iv) 4 වන තත්පරයේ සිට 8 වන තත්පරය දක්වා ළමයාගේ චලිතය පිළිබඳව කුමක් කිව හැකිද?
(v) අවසන් තත්පර 2 තුළ ළමයාගේ චලිතය සිදුවු ආකාරය කෙටියෙන් පැහැදිලි කරන්න.
(vi) අවසන් තත්පර 2 තුළ දී ළමයාගේ ප්‍රවේගය සොයන්න.

  • පිළිතුර බලන්න🙏


16. (i) ත්වරණය අර්ථ දක්වන්න.
(ii) ත්වරණය ගණනය කිරීම සඳහා භාවිතා කළ හැකි ප්‍රකාශනයක් ලියන්න.
(iii) ත්වරණයේ ඒකක සඳහන් කරන්න.
(iv) මන්දනය අර්ථ දක්වන්න.

  • පිළිතුර බලන්න🙏
  • (i) ප්‍රවේගය වෙනස්විමේ ශීඝ්‍රතාවයයි.

    (ii) ත්වරණය = අවසාන ප්‍රවේගය  - ආරම්භක ප්‍රවේගය 

                                                     කාලය

    (iii) ms-2

     (iv) ප්‍රවේගය අඩුවීමේ ශීඝ්‍රතාවය වේ. (ඍන ත්වරණයකි.) 

(17) තත්පර 5ක් තුළ දී වස්තුවක ප්‍රවේගය 0 සිට 10ms-1  දක්වා ඒකාකාරව වැඩි වුයේ නම් එම වස්තුවේ ත්වරණය සොයන්න. 

  • පිළිතුර බලන්න🙏


(18)  වස්තුවක ප්‍රවේගය තත්පර 5ක් තුළ දී 20ms-1   සිට ඒකාකාරව අඩු වී නිශ්චලතාවයට පත්වුයේ නම් වස්තුවේ මන්දනය ගණනය කරන්න. 

  • පිළිතුර බලන්න🙏


19. ගුරුත්වජ ත්වරණය යනුවෙන් හඳුන්වන්නේ කුමක්ද?

  • පිළිතුර බලන්න🙏
  • ගුරුත්වාකර්ෂණය නිසා වස්තුවක් මත ඇති වන බලය

20. වස්තුවක් පොළොවෙන් ඉහලට විසිකිරීමේදී කාලයත් සමග වස්තුවේ ප්‍රවේගය අඩුවීමට හේතුව කෙටියෙන් පැහැදිලි කරන්න.

  • පිළිතුර බලන්න🙏
  • වස්තුව මත ගුරුත්වජ ත්වරණය බලපෑම නිසා ප්‍රවේගය අඩුවේ.

0 Comments:

Post a Comment